කරදියනාරු පිපිරීම හදිසි අනතුරක් පරීක්ෂණවලින් හෙළි වෙයි
මඩකළපුව කරදියනාරු පොලිසියේ සිදු වූ පිපිරීම ස්ථිර වශයෙන්ම හදිසි අනතුරකින් සිදු වූවක් බව රහස් පොලිසිය හා රජයේ රස පරීක්ෂකවරයා කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව පොලිස්පති ආචාර්ය මඟින්ද බාලසූරිය මහතා ප්‍රකාශ කරයි.
පසුගියදා (17) පොලිසියට යාබද භූමියේ තිබූ ඩයිනමයිට් පිර වූ කන්ටේනර් දෙකක් පිපිරී ගොස් කරදියනාරු පොලිසියට
ජීවිත ගණනාවක් අහිමි විය. එම සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස්පතිවරයා විසින් රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් සමඟ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) අනුර සේනානායක නියෝජ්‍ය පොලිස්පති (සුබ සාධක) ශාන්ත වානගුරු යන මහත්වරු මඩකළපුවට යවනු ලැබිණි.
පසුගිය සිකුරාදා සිටම එම කණ්ඩායම් පරීක්ෂණ පැවැත්වූහ. සිද්ධිය වූ ස්ථානය සහ එම පිපිරීම සිදුවීමට හේතු වූ කාරණා පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයා විසින් ද පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.
සිද්ධියෙන් තුවාල ලැබූවන්ගෙන් ද අවට පදිංචිකරුවන් ඇතුළු පනහකට වැඩි පිරිසකගෙන් ප්‍රශ්නකර තොරතුරු සටහන් කරගෙන තිබුණි. එම සියලු තොරතුරුවලින් හෙළි වී තිබෙන්නේ එම පිපිරීම හදිසි අනතුරකින් සිදුවූවක් බවයි.
එම පිපිරීම කෙසේවත් ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මේ අතර කරදියනාරු පොලිස් ස්ථානයේ කටයුතු තාවකාලිකව අයිත්තමලේ පොලිසියේ දී කරගෙන යාමට කටයුතු යොදා ඇත.

del.icio.us
Digg
Technorati
StumbleUpon
Spurl
Comments (0 posted):
Post your comment