තරග පවා දීමට එරෙහි නීති දැඩි කළ යුතුයි - රෂීඩ් ලතීෆ්
ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවෙමින් පවතින මුදලට තරග පාවාදීම් මැඩලීමට නීති දැඩි කළ යුතු බව පවසන හිටපු පකිස්තාන නායක රෂීඩ් ලතීෆ් ඒ සඳහා ජගත් ක්‍රිකට් කවුන්සලයට ඇති හැකියාව පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතු කළේය.
‘ජගත් ක්‍රිකට් කවුන්සිලය මේ සඳහා දැඩි නීති රීති පනවා නෑ. ඒ නිසයි ඔවුන්ගේ භූමිකාව පිළිබඳ ප්‍රශ්න මතුවන්නේ. ක්‍රිකට් පාලක මණ්ඩලවල සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවංක භාවය පිළිබඳ මටත් සැක පහල වෙලා තියෙන්නෙ’ ලතීෆ් ඒ. එෆ්. පී. පුවත් සේවයට පැවසීය.
ටෙස්ට් තරග 37 කට සහ එක්දින තරග 166 කට ක්‍රීඩා කොට ඇති ලතීෆ් 1994 වසරේ සිම්බාබ්වේ සංචාරයේදී මුදලට තරග පාවාදීමේ චෝදනාවට ලක්වීම හේතුවෙන් ක්‍රීඩාවෙන් සමුගත්තේය. ‘අයි. සී. සී. ය මගින් ස්ථාපිත කළ දූෂණ හා වංචා විරෝධී ආරක්ෂක ඒකකයේ බලධාරීන්ට මෙහෙයුම් දියත් කිරීමට හෝ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට බලයක් නෑ. ඔවුන් කරන්නේ සැක කටයුතු පුද්ගලයන්ගෙන් ඈත් වී සිටින ලෙස ක්‍රීඩකයින් දැනුවත් කිරීම පමණයි. ඔවුන්ට බුකිකරුවන් ගැන ලැබෙන ආරංචි මාර්ගත් සීමිතයි’ ලතිෆ් වැඩිදුරටත් පැවසීය.
දුරකථන වාර්තා ක්‍රිකට් කවුන්සිලය ඉල්ලයි
පසුගිය ජුනි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදි මුදලට තරග පාවාදීමේ කටයුතු සිදුවූවේ දැයි විමර්ශනය කිරීම පිණිස පකිස්තානු ටෙස්ට් නායක සල්මන් බට් සහ කඩුලු රකින ක්‍රීඩක කමරන් අක්මාල්ගේ ජංගම දුරකථන වාර්තා ලබාදීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය නියෝග කළේය.
එම තරගාවලියේදී තරග පාවාදීම් සම්බන්ධව නැගුණු සැක කටයුතු ප්‍රවෘත්තීන් පිළිබඳව විමර්ශනය කිරීමට ජගත් ක්‍රිකට් කවුසිල දූෂණ වංචා විරෝධී ආරක්ෂක ඒකකයේ නිලධාරීහු සල්මන් බට් සහ කමරන් අක්මාල් හමුවී ඇත.
එංගලන්තය සමඟ පැවැති ටෙස්ට් තරගයේදී මුදලට නිපන්දු යැවීමේ චෝදනා බ්‍රිතාන්‍ය පුවත්පතක් මගින් හෙළිදරව් වීමටත් පෙර අගෝස්තු 21 දාතමින් යුතුව එම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් දූෂණ වංචා විරෝධී ඒකකය මගින් ජංගම දුරකථන වාර්තා ඉල්ලා තිබූ බව සඳහන් වෙයි.

del.icio.us
Digg
Technorati
StumbleUpon
Spurl
Comments (0 posted):
Post your comment